පොලිස් නීතිය සරසවි සිසුන්ට පමණද?
උද්ඝෝෂණ කරන බව කියමින් භික්ෂූන් වහන්සේලාට සහ විශ්වවිද්‍යාල සිසුන්ට පහරදෙන පොලීසිය බිග්මැච් මුවාවෙන් කලහකාරී ලෙස හැසිරෙන පාසල් සිසුන්ට එරෙහිව මෙතෙක් පියවර නොගැනීම පිළිබඳ සැක ඇතිවන බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද(28දා) පැවසූහ.
කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල දේශපාලඥයන්ගේ සහ පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ දරුවන් සිටින නිසා මෙවැනි පිළිවෙතක් අනුගමනය කර ඇතැයිද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ජාතික විද්වත් සංඝ සභාව විසින් ධර්ම විජය පදනම් ශාලාවේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසල්වල සිසුන් බාලිකා පාසල්වලට කඩාපැනීමේ සිද්ධි සම්බන්ධව කාන්තා අයිතිවාසිකම් සංවිධාන මුනිවත රකිමින් සිටින බවයි.
බාලිකා පාසල්වල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමණක් යෙදවීම අතීසාරයට අමුඩ ගැසීමක් වැනි බවද උන්වහන්සේ කියා සිටියහ.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

