පස්සර බුත්තල මාර්ගයේ 9 කණුව වරදංගොල්ල ප්රදේශයේදි අද (20දා) අලුයම 1 ට පමණ වෑන් රියක් අඩි 200 ක පමණ ප්රපාතකයට පෙරළී එහි ගමන්ගත් පොලිස් කොස්තාපල්වරයෙක් මියගොස් සැරයන්වරු දෙදෙනෙක් හාකොස්තාපල්වරු 5 දෙනෙක් හා ආරක්ෂක නිළධාරින් දෙදෙනෙක් බපරතල තුවාල සහිතව මොණරාගල සිරිගල මුලික රෝහලට ඇතුළත් කර ඇත.
වෑන් රථයේ රියදුරාද බරපතල තුවාල සහිතව එම රෝහලටම ඇතුළත් කර ඇත.
මරණයට පත්ව ඇත්තේ ටී. රෝහණ අමරසිංහ (පො. කො. 3184) නමැත්තෙකි.
මෙම පොලිස්නිලධාරින බුත්තල පොලීසියේ සේවය කරයි. රියදුරාට රථය පාලනය කර ගැනිමටනොහැකි විම නිසා අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි. පස්සර පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.