පොලිස් සේවය ආරම්භවූදින සිට මේ දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් 3118 දෙනෙකු මව්බිම වෙනුවෙන් ජීවිත පූජා කර ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
මීට අමතරව නිලධාරීන් 1529ක් ආබාධිතව, 15 දෙනෙකු පූර්ණ අකර්මණ්‍යතාවට පත්ව සිටින බවද ඔහු 154 වැනි පොලිස් දින අනුස්මරණ සමරු උත්සවයේදී සඳහන් කළේය.
යුද්ධයේදී මියගිය පොලිස් විරුවන් වෙනුවෙන් බොහෝ දේ සිදුකර තිබෙන බවත්, එහෙත් සිදුකළ කැපකිරීම් වෙනුවෙන් කිසිදු දෙයක් සමකළ නොහැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
යුද්ධයේදී මියගිය පොලිස් විරුවන්ට වයස අවුරුදු 55 න් පසු වැටුපෙන් 85%ක වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුපක් හා තවත් 15%ක් එකතු කර ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබෙන බවද හෙතෙම කියා සිටියේය.
154 වැනි පොලිස් දින සැමරුම අද (21දා) පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.