පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව පොලිස් කොමිසම වෙත භාර දී ඇති බවත් අදාළ වාර්තාව මගින් උප පොලිස් පරීක්ෂකවරුන්ගේ සිට ඉන් පහල නිලධාරීන් සඳහා උසස් වීම් සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත් පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.
එම නිර්දේශ පිළිබඳව ලබන 09 වැනිදා රැස්වන පොලිස් කොමිසමේ දී සාකච්ඡා කර උප පොලිස් පරීක්ෂකවරුන්ගේ සිට පහල නිලධාරීන් සඳහා උසස් වීම් ලබාදීමේ දී පාදක කරගත යුතු ක්රමවේදය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්ය.