පොලිස් දෙපාර්තමේන්තුව මින් ඉදිරියට ශ්‍රී ලංකා පොලීසිය ලෙස හඳුන්වන බව නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කීවේය. නව පොලිස්පතිවරයා පිිළිගැනිම සඳහා පොලිස් මූලස්ථානයේ පැවැති සම්මාන පෙළපාලියෙන් පසුව පොලිස් නිලධාරීන් අමතමින් ඔහු මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන එකම රාජ්‍ය ආයතනය පොලීසිය බවද ඔහු මෙහිදී සඳහන් කළේය. නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් නීතිය කඩයිනම් ඒ වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවැසීය.
එසේම පොලිස් නිලධාරීන් අයථා මාර්ග වලින් මුදල් ඉපයීම අත්හැරීම, මත්ද්‍රව්‍ය වැටලීමේදී දුෂණයෙන් තොරවීම හා සිය චරිතය පිරිසුදුව පත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.