කුරුණෑගලදී පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි තබා පළාගිය බව කියන සිදුවීමට අදාළව සැකකරන පුද්ගලයන්ගේ අඳින ලද චිත්‍රයක් සහ තවත් ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.
එසේම ඝාතනයට පැමිණි බවටසැකකරන වෑන් රථයක සී.සී.ටී.වී. ඡායාරූපයක්ද නිකුත් කර තිබේ. මේ පිළිබඳව තෙරතුරු දන්නා අයෙක් වෙතොත් 0772659336 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.