පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පිළිබඳ රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ පිළිබඳ රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුව විධිමත්ව සහ කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමේ වගකීම මධ්‍යම පරිසර අධිකාරියට පැවරෙන බව ද ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (16දා) පස්වරුවේ එක්වෙමිනි. එය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ඉදිකිරීම් සදහා අවශ්‍ය වැලි ලබාගැනීමේ ගැටලුව පිළිබඳව ද සාකච්ඡාවට ලක්වූ අතර මුහුදුවැලි භාවිතයට ජනතාව හුරු කිරීම සදහා රාජ්‍ය ආයතනවල ඉදිකිරිම් වලදී මුහුදු වැලි භාවිතා කරමින් එම ආදර්ශය ලබාදීම පිළිබදව ද සාකච්ඡා විය.