මාතර, පොල්හේන වෙරළ තීරයේ සිටි උග්‍ර විෂ සහිත සත්ත්වයන් කොටස නාරා ආයතනය මගින් ඊයේ (22දා) හඳුනාගැනීමට සමත් විය. ඔවුන් ෆයිසාලියා ෆායිසාලිස් නමැති ජීවියෙකු ලෙස හඳුනාගෙන තිබේ.
මේ පිළිබඳව 'අද’ වෙත අදහස් පළකළ නාරා ආයතනයේ සමුද්‍ර ජීව විද්‍යාඥ උපුල් ලියනගේ මහතා,
“විෂ සහිත ජනතාවට කරදරයක් වූ සත්ත්වයා හඳුනාගැනීම සඳහා පොල්හේන වෙරළ තීරයේ අද උදෑසන පටන් අපි රැඳී සිටියා. දහවල් 12.00 පමණ වෙනකොට තමයි අපට සාම්පල් ලබාගැනීමට හැකිවුණේ. දැනට අපි රූප විද්‍යාත්මකව සත්ත්වයා හඳුනාගෙන තිබෙනවා ෆයිසාලියා ෆයිසාලිස් විදියට. ඒ වගේම ජාන විද්‍යාත්මක පරීක්ෂණ නාරා ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත යැවීමට කටයුතු කරනවා. ජනතාවට කියන්න තියෙන්නෙ මේ සත්ත්වයා වැඩිකල් රඳා පවතින්නේ නැහැ, දින කීපයක් රඳා පවතින්න පුළුවන්.
ඔවුන් ක්ෂණිකව ඇති වෙලා ක්ෂණිකව නැති වෙලා යනවා. විශාල වෙරළ තීරයක් නිසා වෙරළට ගසාගෙන එන මෙම සතුන් වළක්වන්න කිසි ක්‍රමවේදයක් නැහැ. ජනතාවගේ ඉවසීමයි වැදගත්. මුහුදට බහිනකොට ප්‍රවේසම් වෙන්න අවශ්‍යයි" යැයි පැවසීය.
"මෙම සත්ත්වයා උග්‍ර විෂක් සහිත නිසා වේදනාවක් ඇති වෙනවා, මාරාන්තික නැහැ. දීර්ඝ කාලයක් පවතින්නෙත් නැහැ. නමුත් රෝහලකින් ප්‍රතිකාර ගන්න ඕනෑ. එමනිසා ආගන්තුක අය නොදැනුවත්කමින් මුහුදට බැසීම වළක්වාගන්න ප්‍රජාව විසින් දැනුම්වත් කිරීම වැදගත්. තව දිනක් හෝ දෙකක් ඇතුළත මේ තත්ත්වය පහව ගිය පසු සුපුරුදු කාර්යයන්වල යෙදිය හැකියි. ඒ වගේම මාතර පොලීසියේ ජීවිතාරක්ෂක ඒකකය මෙම සත්ත්වයා හඳුනාගැනීම සඳහා සාම්පල් ලබාගැනීමට සහයෝගය ලබාදුන්නා. එය නාරා ආයතනය විදියට අපි අගය කරනවා" යැයි ලියනගේ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම ජීවින් විශේෂය මාතර පොල්හේන මුහුදේ ගැවසීම හා ඔවුන් සිරුරේ දැවටීම නිසා පසුගිය දින කිහිපය තුළ කිහිප දෙනෙකු රෝගීව මාතර මහ රෝහපෙන් ප්‍රතිකාර ලබා තිබිණි. ඉන් එක් අයකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින නිසා ඇතිව තිබෙන තත්ත්වයත් සමගින් මාතර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී සුජීව මහතා පෙරේදා (21දා) සවස සිට මාතර පොල්හේන මුහුදු තීරයට ඇතුළු වීම තහනම් කළේය.
එම තහනම් නියෝගය ඊයේ (22දා) සවස් වනතුරුම ඉවත් නොකෙරුණු අතර, ඊයේ දිනයේද ෆයිසාලියා ෆයිසාලිස් ජීවීන් විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශයේ දැකගත හැකිවිය.