කොළඹ - කුරුණෑගල මාර්ගයේ මැටිකුඹුර ප්රදේශයේදී අද (14දා) අලුයම සිදුවූ රිය අනතුරින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇතැයි පොල්ගහවෙල පොලීසිය පවසයි.
ගල්වෙල පදිංචි ලක්මාල් මදුසංක සඳරුවන් සෝමසිරි (22) සහ කන්තලේ පදිංචි අජිත් ප්රියන්ත කුමාර (25) මෙලස ජීවිතක්ෂයට පත්ව ඇත.
කුරුණෑගල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ වැලි පිරවූ ටිපර් රථයක් ත්රිරෝද රථයක ගැටීමෙන් අනතුරුව විදුලි කණුවක හා තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් ටිපර් රථයේ ගමන් ගත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමේදී දෙදෙනෙකු මිය ගොස් තිබේ.
බරපතළ තත්ත්වයේ පසූවූ ටිපර් රථයේ රියදුරු කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇතැයි පොල්ගහවෙල පොලීසිය පවසයි.
පොල්ගහවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.