පොල්ගහවෙල කෑගල්ල මර්ගය සති දෙකක කාලසීමාවක් රාත්රී කාලයේදී වසා තැබීමට කටයුතු කර තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
එම මාර්ගයේ අංක 3/2 පාලම (කරඳන පාලම) ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් අද (19දා) සිට සති දෙකක කාලයක් රාත්රී 9.00 සිට පසුදින අලුයම 5.00 දක්වා මාර්ගය වසා තැබීමට නියමිතය.
ඒ සඳහා විකල්ප මර්ග වශයෙන්,
01 කුරුණෑගල සිට කෑගල්ලට පැමිණෙන වාහන පොල්ගහවෙල හංදියෙන් අඹේපුස්ස මාර්ගය ඔස්සේ කොළඹ නුවර මාර්ගයද,
02කොළඹ නුවර පාරේ කරඩුපන හංදියෙන් පින්නවල රඹුක්කන පාර ඔස්සේ දොඹේමඩ මාර්ගය හරහා පොතුහැරට (බුළුගොල්ල හංදියට) පිවිසිය හැකි බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.