රටේ සැමට විදුලිය ලබාදීම යටතේ පොල්අතු සහ ඉලුක් සෙවිලි කර තිබෙන සියලුම නිවාසවලටද ආරක්ෂිත ක්‍රම‘වේදයක් භාවිත කරමින් ලබන වසරේ ජනවාරි මාසය වනවිට විදුලිය ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.
විදුලිය ලබාගැනීමට මුදල් නොමැති සියලු දෙනාට විදුලිබලමණ්ඩලය වාරික අයකරගැනීමේ පදනම මත රුපියල් 40,000 ක් දක්වා ණය ලබාදීමටද කටයුතු කරන බව ඔහු පවසා සිටියේය.