පොල් පිටරටින් ගෙන්වනවාද, නැද්ද යන්න අද (11දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ජීවන වියදම් පිළිබඳ කමිටු රැස්වීමේදී තීරණය කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේය.
ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා සතොස ආයතනයට අමතරව සුපිරි වෙළෙඳ සැල්වලින් සාධාරණ මිලට සහල් ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව සමූපකාර සමිති 3500 ක් හරහා සහන මිලට සහල් ලබාදීමට කටයුතු කරමින් තිබෙන බවත්, එහිදී තොග මිල වශයෙන් නාඩු සහල් කිලෝවක් රුපියල් 69 බැගින් ලබාදෙන බවත්, එහිදී රුපියල් 74ක සිල්ලර මිලකට සහල් අලෙවි කළයුතු බවද පවසා සිටියේය.
පොල් මිල පාලනය කිරීම යටතේ රජය සතු පොල්වතුවල අස්වැන්නද පාලන මිලක් යටතේ අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
පැවැති වියළි කාලගුණ තත්ත්වය නිසා පොල් ඵලදාව අඩුවීම නිසා පොල්මිල ඉහළගොස් තිබෙන බවද හෙතෙම කියා සිටියේය.