පොල් ගෙඩි තිස් හයක් සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකුට එක් අයෙකුට ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස දඹුල්ල මහේස්ත්රාත් කෝසල ඉලංගසිංහ බණ්ඩාර මහතා නියෝග කළේ ය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ගලේවෙල කොස්වත්ත ප්රදේශයේ පදිංචි නිසාන්ත ප්රනාන්දු සහ එච්. ආර්. ජයතිලක යන දෙදෙනෙකි.
ගලේවෙල හෝම්බාව ප්රදේශයේ පොල් ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී පොල් ගෙඩි තිස් හයක් කඩාගෙන රැගෙන යමින් සිටියදී සැකකරුවන් දෙදෙනා ඉඩමේ හිමිකාරියට හසුවී පසුව හිමිකාරිය විසින් ගලේවෙල පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන සැකපිට දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ ඇප මත නිදහස් කොට ඇත .
සැකකරුවන් දෙදෙනා ලබන 26 වැනිදා නැවතත් අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කොට තිබේ.
සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන ගලේවෙල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කොට ඇත්තේ රුපියල් 2700 වටිනා කමකින් යුත් පොල් ප්රමාණයක් මෙසේ සොරාගෙන ඇති බවය.