පාරේ ගමන් කරමින් සිටි පිරිසක් මතට පොල් ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.ඊයේ (1දා) පස්වරුවේදී වත්තේගමදී මෙම අනතුර සිදුව තිබේ.
තුවාල ලැබූ කාන්තාව කටුගස්තොට රෝහට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර එසේ මරණයට පත්ව ඇත්තේ අනූෂා සමරසිංහ නම් 40 හැවැරිදි කාන්තාවකි.