ඉදිරි මාස කිහිපය තුළ රටේ විවිධ ස්ථාන 1,000 කට අධික සංඛ්‍යාවක නොමිලේ වයි-ෆයි (WiFi) පහසුකම් ලබාදීම හුදෙක් මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක්ම පමණක් නොවන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු තව දුරටත් කියා සිටියේ ඉතා වේගයෙන් වෙනස් වන වත්මන් ලෝකයේ ඉන්ටර්නෙට් පහසුකම් යනු තවදුරටත් සුඛෝපභෝගී දෙයක් නොව ජලය, විදුලිය හා ගෑස් බඳු උපයෝගිතා සේවාවක් පමණක් වන බවයි.
වත්මන් රජය ස්වකීය මුල් සැලසුම වෙනස් කරමින් වඩා වැඩි වේගයකින් යුතු WiFi පහසුකම් වඩා වැඩි ස්ථාන ප්‍රමාණයක ලබාදීමට තීරණය කළේ එනිසා බවද ඔහු කියා සිටියේය.