පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුවූ මැර ප්‍රහාරයකින් තුවාලවූ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවන් ඇතුළු පිරිසක් ඊට විරෝධය පළකරමින් රඹුක්කන නගරය තුළ කළු කොඩි ඔසවා විරෝධතාවක අද (06දා) නිරත වූහ.
සන්දිත් මන්ත්‍රීවරයාට පහරදීමට එරෙහිව විරෝධය පළ කරන ප්‍රකාශ සටහන් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කෙරුණු අයුරු දැකගන්නට ලැබුණි.
රඹුක්කන - විජේතුංග