පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵල ප්රකාශය අවසන් වීමට ආසන්න වෙත්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය යටතේ එයට තරග කළ ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජයග්රහණය අභියස සිටියි.
මේ වන විට නිකුත් කර ඇති ප්රතිඵල අනුව මහ නගර සභා, නගර සභා හා ප්රාදේශීය සභා බහුතරයකම ජය පොදුජන පෙරමුණ විසින් හිමිකරගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂය දෙවැනි තැනටත්, ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තෙවැනි තැනටත් පත්ව ඇත.
කැපී පෙනෙන ආකාරයක ඡන්ද වර්ධනයක් ලබාගෙන තිබෙන ජනතා විමුක්ති පෙරමුණ සිවුවැනි තැනට පත්ව සිටියි.