පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩල මහ ලෙකම් කමලේෂ් ශර්මා මහතා අද (27දා) පෙරවරුවේදී අරලිය ගහ මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
මෙහිදී රජය හා පොදු රාජ්‍ය මණ්ඩලය එක්ව සිදුකරන වැඩසටහන්හි ප්‍රගතිය පිළිබඳව ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට මහ ලේකම්වරයා කටයුතු කරනු ලැබීය.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද මේ අවස්ථාවට එක්විය.