දිස්ත්රික් මට්ටමින් ඇති ක්රීඩාංගණ හා පොදු භූමි ලේඛනගත කොට මැතිවරණ කොමසාරිස්වරයා යටතට ගතයුතු බව පැෆරල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලා සිටීමට කටයුතු යොදා ඇතැයි එම සංවිධානයේ විධායක අධ්යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘අදට’ පැවසීය.
පොදු අපේක්ෂක ඇතුළු විලක්ප දේශපාලන මතිමතාන්තර දරන පිරිස්වලට මහජන රැලි පැවැත්වීමට බාධා එල්ලවීම් දිගින් දිගටම දක්නට ලැබීම මෙයට හේතුවක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.
විරුද්ධ මත දැරීමට මෙන්ම ඒවා ප්රකාශ කිරීමට ඇති අයිතිය පිළිගැනීම මැතිවරණයක සුජාතභාවයට ඉවහල්වන බව හෙට්ටිආරච්චි මහතා අවධාරණය කළේය.