අත්සන් තැබීම ලබන සතිය මුලදී
ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ හා පොදු ජන සංවිධාන සන්ධානගත කිරීම වෙනුවෙන් සැකසෙන විපක්ෂයේ පොදු ගිවිසුමේ අවසන් කෙටුම්පත සැකසීම අවසන් අදියරට පැමිණ තිබේ.
දින 100ක කාලයක දී විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, නව මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, යහපාලනය ඇති කිරීම, කොමිෂන් සභා ස්වාධීන කිරීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම හා ජනතාවට කෙටිකාලීන හා දීර්ඝකාලීන සුභසාධන කටයුතු සිදු කිරීම ඇතුළු අංශ ගණනාවක් මෙම පොදු ගිවිසුමට කේන්ද්‍රීය වී ඇති බව පොදු විපක්ෂයේ ආරංචි මාර්ගවලින් %අද^ පුවත්පතට වාර්තා වේ.
ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු ලබන සතිය මුල් දින කිහිපය තුළ දී සිදුකිරීමට නියමිතව ඇති අතර, එය බොහෝදුරට ලබන සඳුදා දිනයේදී අත්සන් තැබීමට පොදු විපක්ෂයේ පාර්ශ්වකරුවෝ වැඩි බලාපොරොත්තු වෙන් පසුවෙති.
පොදු ගිවිසුමට අදාළ කරුණු පිළිබඳව අවසන් එකඟතාවන් වලට පැමිණීමේ විශේෂ රැස්වීමක් ඊයේ (26දා) කොළඹදී පැවති අතර ඒ සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු ප්‍රධාන පාර්ශ්වයන්හි නියෝජිතයෝ රැසක් එක් ව සිටි බවද 'අද' පුවත්පතට වාර්තාවේ.