පොදු අපේක්ෂක සටන ජීවිතයත් මරණයත් අතර සටනක් - ෆොන්සේකා
පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම යනු ජීවිතයත් මරණයත් අතර සටනක් බවත්, 2010 වසරේ සිට තමා මුහුණදුන් අත්දැකීම සිහිවෙද්දී ඇගේ මවිල්කෙලින් වෙන බවත්, ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් කෝට්ටේ සෝලිස් ශාලාවේදී අද පෙරවරුවේ සංවිධානය කළ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී ෆොන්සේකා මහතා මේ බව පැවසීය.
පොදු අපේක්ෂකයා වශයෙන් 2010 දී ඉදිරිපත් වෙලා සිද්ධවුණු දේවල් ගැන මතක් වෙද්දී අගේ මයිල් කෙලින් වෙනවා. පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙන කෙනා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන්න බලාගෙනයි සටනට එන්න වෙන්නේ. මැතිවරණ කාලෙට කවුරුත් ළඟ ඉඳියි. හැබැයි බැරිවෙනකොට සේරම දාලා යාවි. හිරබත් කන්න වෙන්නේත් තනියමයි. මේ දේවල් දැනගෙන පොදු අපේක්ෂකයා එනවනම් හොඳයි යනුවෙන් සරත් ෆොන්සේකා මහතා මෙහිදී කියා සිටියේය.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විපක්ෂයේ පක්ෂ නායකයෝ විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාවට එක්වූහ.
	.gif) 
ඡායාරූපය ප්‍රදීප් පතිරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                