ජනපතිවරණයට පොදු ලකුණක් පොදු ප්‍රතිපත්තියක්, පොදු පාටක්, යටතේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එකගතාවයකට පැමිණීමට හැකිවු බව කෝට්ටේ නාග විහාරයේදී අද(07) පැවැත්වුණු විශේෂ සාකච්ඡාවේදී තීරණය කෙරුණු බව මාදුළුවාවේ සෝභිත හිමියෝ සාකච්ඡාවෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූහ.
"ඉදිරි දින කිහිපයේදී ගොඩක් වෙනස්කම් සිදුවේවි. ලබන සඳුදා සියළු පක්ෂ සමඟ අපි මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා," යනුවෙන් සෝභිත හිමියෝ පැවසූහ.
"ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරාම අපේක්ෂකයා කවුද කියලා අපි කියන්නම්. යනුවෙන් උන්වහන්සේ පැවසුහ