අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන මිහින්තලයේ පොත් දන්සල සඳහා පාසල් දරුවන් විසින් ලක්ෂ සංඛ්‍යාත පොත් පරිත්‍යාග කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
පාසල් දරුවන් එක්වරක් පාවිච්චි කළ අතිරේක කියවීම් පොත්, සාහිත්‍ය පොත්, ළමා කතාන්දර පොත් යනාදිය මෙයට ඇතුළත් වේ. පොත් ලබාගැනීමේ අවසන් දිනය අදයි.