ගංවතුරෙන් හා නායයෑම් නිසා පාසල් දරුවන්ට කරදරයකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සඳහා 'පොතක් දෙන්න' වැඩසටහන ආරම්භ කළ බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
මෙහිදී පොත්, සපත්තු, බෑග්, පෑන්, රෙදි ආදීපාසල් දරුවන්ට අවශ්‍ය දේවල් පාසල් සිසුන් මාර්ගයෙන්ම එකතු කර ලබාදෙන බව නානායක්කාර මහතා කීය.
එම අමාත්‍යාංශයේ අද (23දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 0716159659 අංකයට ඇමතුමක් ලබාදී වැඩිවිස්තර ලබාගත හැකි බවයි.