තමන් ඉදිරි ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තමන් තීරණය කළ බව උතුරුමැද පළාත් හිටපු අමාත්‍ය පේෂල ජයරත්න මහතා පැවැසීය.
ඊයේ (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හෙතෙම මේ බව අනාවරණය කළේය.
මෙම තීරණය දැනුම් දීමට මත්තෙන් ඔහුගේ අමාත්‍යාංශය මහ ඇමතිවරයා යටතට පත්කරගනු ලැබීය.
"ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙලා සිටින පොදු අපේක්ෂක,මෛත්‍රිපාල සිරිසේන මහතාට දේශපාලනික වශයෙන් උදවු කරන්න තීරණය කළා. ඒ තීන්දුව නිසා මගේ අමාත්‍යාංශය, ප්‍රධාන අමාත්‍යතුමා යටතට පවරාගෙන තියනවා. මේකෙන් පේනවා මේ රටේ ප්රජාතන්ත්රවාදය කුමක්ද කියලා. මම මේ තීන්දුව එඩිතරව ගත්ත වගේම, අනිත් අයත් මේ ගැන කතා වෙනවා, හැබැයි එකක් මම කියන්න ඕනේ,ඒ අයට තීන්දු ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා" යැයි පැවැසීය.