පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ස්ථාපිත කිරීමට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් වී තිබෙන බැවින් ඉතා ඉක්මනින් එම පීඨය ශිෂ්‍යයන්ට ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලසන්ත අරුණ මහතා සඳහන් කළේය.
සඳුදා දින නිකුත් කර තිබූ ගැසට් නිවේදනයේ පිටපතක් අද දින ශිෂ්‍ය සංගමය අතට පත්වූ බැවින් සත්යග්රහ ව්‍යාපාරවලින් ඉවත්වීමට තීරණය කළ බව ඔහු කීය. ඒ අනුව මෙතෙක් කලක් ගලහ හන්දියේ පවත්වාගෙන ගිය අට්ටාල ගලවා දැමූ බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 09 වැනි පීඨය ලෙස කළමනාකරණ පීඨය ස්ථාපිත කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශය ලැබී තිබෙන බැවින් එහි කටයුතු ආරම්භ කිරීම විශ්වවිද්‍යාල පරිපාලනයේ වගකීමක් බවත්, එම කටයුතු තවත් ප්‍රමාද කරන්නේ නම් නැවත වරක් ශිෂ්‍ය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවත් ලසන්ත අරුණ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.