වෙඩි ප්‍රහාරය උදර ප්‍රදේශයට වැදීමෙන් හදවතට ලේ ගලායෑම හේතුවෙන් මරණය සිදුව ඇතැයි පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරමින් යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. මයුරධන් මහතා පැවසීය.
යාපනය ශික්ෂණ රෝහලේදී ඊයේ (10දා) රාත්‍රියේ මනල්කාඩු ප්‍රදේශයේදී මියගිය යෝගරාසා දිනේස් (අවු.24) තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව දේහය ඊයේ රාත්‍රියේම ඔහුගේ නිවස පිහිටි නෙල්ලියඩි ප්‍රදේශයට රැගෙන යන ලදී.
මේ අනුව අද (11දා) දහවල් නෙල්ලියඩි ප්‍රදේශයේ පිහිටි වේරුන්දම් සුසාන භූමියේදී මියගිය තරුණයාගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.
මේ අතර නෙල්ලියඩි ප්‍රදේශයට හා මනලකාඩු ප්‍රදේශයට අද දිනයේද පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් ඇතිකිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.