පේදුරුතුඩුවේ ටිපර් රථයකට වෙඩි තබීමත් එහිදී රියදුරු ජීවිතක්ෂයට පත්වීමත් පිළිබඳව සොයා බැලීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂවරයා පේදුරුතුඩුව ප්රදේශයට යොමු කිරිමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ් ගත කර ඇති අතර ඔවුන්ගේ සේවයද අත්හිටුවා ඇත. සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකිරීම සඳහා මෙසේ පොලිස් විමර්ශන ඒකකයේ අධ්යක්ෂවරයා පේදුරුතුඩුව ප්රදේශයට යොමුකර ඇත.