පේදුරුතුඩුවේ වෙඩිතැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා 24දා තෙක් රිමාන්ඩ්
යාපනය - මනල්කාඩු ප්රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බනධයෙන් දැකපිට අත්අඩංගුවට පත් පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම මස (24දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පේදුරුතුඩුව මහේස්ත්රාත් පෙරුමාල් ශිවකුමාර් මහතා අද (10දා) නියෝග කළේය.
පේදුරුතුඩුව පොලීසියට අනුයුක්තව සේවය කරන ලද උපපොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
මනල්කාඩු ප්රදේශයේදී පොලිස් අණ නොතකා නීති විරෝධිව වැලි ප්රවාහනය කරමින් තිබූ කුඩා ටිපර් රථයකට ඊයේ (09දා) සිදු කළ වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ සැකපිට ඊයේ (09දා) මොවුහු අත්අඩංගුවට පත් වූහ.
සැකකරුවන් පේදුරුතුඩුව අධිකරණයට ගෙන එන අවස්ථාවේදී පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආරක්ෂාව තර කොට තිබුණි.
සැකකරුවන් අධිකරණට ඉදිරිපත් කළ අවස්ථාවේ මේ මස (24දා) දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පේදුරුතුඩුව මහේස්ත්රාත් වරයා නියෝග කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

