ඒකාබද්ධ විපක්ෂය විසින් දිස්ත්රික් මට්ටමින් පවත්වනු ලබන පළමු රැස්වීම %‘පෙරළියක පෙරමග^‘ තේමාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ගාල්ල හබරාදූව නගරයේදී ලබන 25 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ගාල්ල දිස්ත්රික්කයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන හිටපු මන්ත්රීවරුවන්ගෙන් සමන්විත ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්රික් කමිටුව විසින් මෙම රැස්වීම සංවිධානය කරන බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 14ක්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන රාශියක් මේ අවස්ථාවට එක්වීමට නියමිත බවත්, ගාල්ල දිස්ත්රික්කයේ පවත්වන දැවැන්තම දේශපාලන රැලිය මෙය වනු ඇති බවත් ඒ මහතා ප්රකාශ කළේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ දකුණු පළාත් සභාවේ සභාපති සම්පත් අතුකෝරළ මහතා සඳහන් කළේ, මීට පෙර ජාතික මට්ටමේ රැස්වීම් පැවැත්වූ බවත්, මින් ඉදිරියට දිස්ත්රික් මට්ටමින් රැස්වීම් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණයක් ගෙන ඇති බවත්ය.
ඒ අනුව ගාල්ල දිස්ත්රික්කය පුරා සිටින පාක්ෂිකයන්ට පැමිණීම පහසු නිසා හබරාදූව නගරයේදී පළමු රැස්වීම පැවැත්වීමට තීරණය කළ බවද ඒ මහතා පවසා සිටියේය.