පස්සර, නමුණුකුල - තැන්නේකුඹුර මාර්ගයේ කතරගම දේවාලයේ රදම් පෙරහරේ ගිය ලොරි රථයක් පාරෙන් ඉවතට පැන අඩි පනහක පමණ ප්රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් එක් පුද්ගලයකු මියගොස්පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකළ බව පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ නමුණුකුල පදිංචි ටී. ප්රකාෂ් නම් 29 හැවිරිදි තරුණයෙකි.
අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ හය දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ හෙයින්ඔවුන් බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති අතර,එහිදී අදාළ පුද්ගලයා මියගොස් ඇත. අනෙක් තිදෙනා පස්සර දිසා රෝහලේ ප්රතිකාර ලබන බවත් පොලීසිය කියයි.
පස්සර පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක රත්නවීර අඩස්සූරිය මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ නිලධාරීහු මෙම අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
ලුණුගල - ප්රසන්න පත්මසිරි