පෙරහර සමයට අලින්ගේ හිඟයක්?
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා පෙරහරට සහභාගී කරවීම සඳහා අලින් ප්‍රමාණයේ ගැටලුවක් ඇති නොමැති නමුත් සතර මහා දේවාලවල පෙරහර අලින්ගේ ගැටලුවක් පැනනැගිය හැකි බවත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා 'අද'ට පැවසීය.
පෙරහැරවල ගමන් කිරීම සදහා පුරුදු අලින් ප්‍රමාණයේ අඩුවක් ඇතත් දළදා පෙරහැර සඳහා අවශ්‍ය අලින් ලබාගැනීම සඳහා කටයුතු කර ඇති බවත් මහනුවර ශ්‍රී ඓතිහාසික දළදා පෙරහැරට අලින් සපයාගත්තද සතර මහා දේවාල සඳහා අවශ්‍ය අලින් අඩුවීමද ගැටලුවක් වන බවත් ප්‍රදීප් දෑල මහතා වැඩිදුරටත් ප්‍රකාශකළේය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන් භාර නිලධාරී ප්‍රදීප් මියෙනපලාව මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට හීලෑ අලි ඇතුන් 119 ක් සිටින බවත් එයින් අවුරුදු 40 ට වැඩි අලි 63 ක්ද, අවුරුදු 60 ට වැඩි අලි 17 ක්ද වන බවත්ය.
මහනුවර ඇසල පෙරහැරට අලි 49කට සහභාගි වීමට නොහැකි බවත්, පෙරහැර සඳහා සහභාගී කරවිය හැකි අලි සංඛ්‍යාව 70 ක් වන අතර යම් හෙයකින් පෙරහැර සමයේ අලින් අසනීප වුවහොත් මහනුවර ශ්‍රී ඓතිහාසික දළදා පෙරහැර සඳහා සහභාගී කරවන අලි ප්‍රමාණය තවත් අඩුවිය හැකි බවත් ප්‍රදීප් මියෙනපලාව මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

