පෙරහර සඳහා අලි ඇතුන් ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක්
පෙරහර පවත්වන විහාරස්ථාන සඳහා අලි ඇතුන් ලබාදීමට ජනාධිපතිවරයා විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේදී දියත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉංගිරිය ඉමගිර ශ්‍රී විජය බෝධිරාජ බෞද්ධ විහාරස්ථානයේ 20 වැනි වරටත් පවත්වන ලද මිහිඳු මහා පෙරහර වීදි සංචාරය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“පෙරහර පැවැත්වීමේදී අලි ඇතුන් සපයාගැනීම ගැටලුවක්. අලි ඇතුන් සංරක්ෂණය කළ යුතු බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා. නමුත් අපගේ සංස්කෘතික දායාදයන්ද ආරක්ෂා කළ යුතුයි. අලි ඇතුන් ආරක්ෂා කිරීමද ඉතා වැදගත්. මේ පිළිබඳ මම ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වූවා.
පෙරහර පවත්වන විහාරස්ථාන සඳහා අලි ඇතුන් ලබාදිය යුතු බවට මතයක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට කමිටුවක්ද පත් කෙරුණා. එම කමිටුව වාර්තාව ලබාදීමෙන් පසු අලි ඇතුන් ලබාදීම පිළිබඳ ක්‍රමවේදයක් ජනාධිපතිවරයා විසින් සකස් කිරීමට නියමිතව තිබෙනවා” යනුවෙන් කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


