දළදා පෙරහර නැරඹීමට පැමිණෙන විදේශිකයන්ගෙන් අසුනක් ලබාදීමට තැරුව්කරුවන් රුපියල් 10000 දක්වා මුදල් අය කිරීම හේතුවෙන් ඔවුහු ගැටලු රැසකට මුහුණදී සිටිති.
මේ නිසා බොහෝ විදේශිකයන් පිරිසක් ඉටි උර එළා බිම අසුන් ගෙන පෙරහර නරඹන අයුරු දකින්නට හැකිය.
මේ සම්බන්දව ඔවුන්ගෙන් විමසා සිටි අවස්ථාවේදි පවසා සිටියේ පෙරහර නැරඹීමට තැරව්කරුවන් රුපියල් 10000 ක පමණ මුදලක් ඉල්ලා සිටින බැවින් පෙරහර පවත්වන දින දහවල් වරුවේ පැමිණ මාර්ගය දෙපස හා මහමළුවේ ඉටි උර එලා වාඩි වී එය නරඹන බවයි.