පෙරළී ගිය ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් මාලදිවයින් මුහුදේදී හමුව ඇතැයි මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි.
AVAS Online වෙබ් අඩවිය සඳහන් කළේ මාලදිවයිනට අයත් මුහුදු සීමාවේ සැතපුම් 73ක් පමණ දුරක තිබියදී මෙම බෝට්ටුව හමුවි ඇති බවයි.
මාලදිවයින් වෙරළාරක්ෂක බළකාය එම යාත්‍රාව ගොඩබිමට ගෙන ඒමට කටයුතු කරමින් සිටියි.
පසුගියදා පැවැති ඔක්හි සුලි කුණාටුවට හසුවූ ශ්‍රී ලංකා හා ඉන්දීය ධිවර යාත්‍රා කිහිපයක්ම මාලදිවයිනේ මුහුදේදී මුහුදු බත් වී ඇති බවද එම පුවත් සේවය සඳහන් කරයි.