ලබන 03 වැනිදා මීගොඩ නගරයේ පැවැත්වීමට නියමිත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහමැතිවරණ ප්රචාරක රැළිය පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රදේශයේ පුද්ගලයන් 10 දෙනෙකු කැමති බවට සඳහන් ලියුම් රැගෙන එන ලෙසට පාදුක්ක පොලිස් ස්ථානයෙන් එම පක්ෂයට දන්වා තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂවලට එවැනි කොන්දේසි නොදමන බවයි. මේ පිළිබඳව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කළ බවද ඔහු කීය.