පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොටුව දුම්රියපළ ඉදිරිපිටදී බැනරයකට අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට යාමේදී අද (01දා) පෙරවරුවේ පොලීසිය විසින් බාධා එල්ල කර තිබේ.
එම පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳන් කළේ බැනරය ඉවත් කර ගන්නැයි පොලිස් නිලධාරීන් පවසා සිටි බවයි.
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා දිය නොහැකි බවද පොලීසිය පැවසූ බවත්, තමන් ඒ සඳහා අවසර ලබාගෙන ඇති බවත් ජයගොඩ මහතා සඳහන් කළේය.
%සිරගතකර සිටින කුමාර් ගුණරත්නම් හට දේශපාලනය කිරීමට අයිතිය ලබාදෙනු^, %දේශපාලන සිරකරුවන් නිදහස් කරනු^, %සියලු මර්දනයන් නතර කරනු^ යනුවෙන් සඳහන් කරමින් දිවයින පුරා ක්‍රියාත්මක අත්සන් ලබාගැනීමේ ව්‍යාපෘතියට සමගාමීව කොටුව දුම්රියපළ ඉදිරිපිටදී බැනරයට අත්සන් ලබාගැනීම සංවිධානය කළ බවද ඔහු පැවසීය.