ලලිත් - කූගන් අතුරුදන්වීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත් ගමගේ මහතා සිදුකළ ප්රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය පොලිස් මූලස්ථානයට අද (05දා) පැමිණිලි කළේය.
එම අවස්ථාවට එක්වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කළේ, ජනවාරි 02 වැනිදා සිරස නාලිකාවේ පැවති %සටන^ වැඩසටහනට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලලිත් කූගන් දෙදෙනා ඝාතනයට ලක්වූවන් බවට ප්රකාශ කළ බවයි.
ඒ අනුව මෙම පැහැර ගැනීම හා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අලුත්ගමගේ මහතා තොරතුරු දැන සිටින බව පැහැදිලි වන බවද හෙතෙම පැවසීය.