මේ පවතින තත්ත්වයෙන් පැහැදිලි වන්නේ පෙරමග ලකුණු කිසිසේත් යහපත් නොවන බව යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ඉකුත් දින කීපය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළුව දිවයිනේ විවිධ ස්ථානවලින් වාර්තා වූ භීෂණ රැල්ල එයට හේතු බව ඔහු විශේෂ නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
අදාළ නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.
"කුමන හෝ මැතිවරණයකදී ජනතාව විසින් ලබාදෙන තීරණය මත පදනම්ව ඒ ඒ දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම්වල ජය පරාජය නිර්ණය වීම ස්වාභාවික යුක්ති ධර්මයයි. ජය පරාජය ඉවසීමට මෙන්ම අත්කරගත් ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳීමට ඇති නොහැකියාව තුළින් සනාථ වන්නේ මේ පුද්ගලයන් තුළ පවතින නොහැදියාවයි.
මේ සියල්ලෙන් තහවුරු වන පෙරමග ලකුණු කිසිසේත් යහපත් නොවේ. වරක් ජනතාව ප්‍රතික්ෂේප කළ බලවේග දියත් කළ භීෂණ සංස්කෘතිය නුදුරු අනාගතයේදී නැවතත් කරළිට පැමිණෙනු ඇති බවට මෙය ඉතා භයානක සංඥාවකි."