පෙබරවාරි 10 වැනිදායින් පසුව රාජපක්ෂවරුන්ට බියවීමට කිසිදු හේතුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (06දා) පැවසීය.
බන්ධනාගාරගත වීම රාජපක්ෂවරුන්ට අලුත් දෙයක් නොවන බවත්, ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සූදානම් බවත් ඒ මහතා කීවේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ සිට රාජපක්ෂවරුන් සිරගතව සිටි බවත්, ජනතාව වෙනුවෙන් සේවය කරන විට මෙවැනි පළිගැනීම්වලට ලක්වීම සිදුවන බවත්ය.