පළාත් පාලන සීමා නිර්ණයට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සම් ගොනුකළ පෙත්සම්කරුවන් එය ඉල්ලා අස්කරගෙන ඇත. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සමග කළ සාකච්ඡාවකින් පසුව ඇතිවූ එකඟතාවයකින් අනතුරුව ඔවුන් මෙම ඉල්ලා අස්කර ගැනීම සිදුකර තිබේ. නීතිපතිවරයා එයට විරෝධය නොදැක්වීම හේතුවෙන් අභියාචනාධිකරණය එය ඉල්ලා අස්කර ගැනීමට අවසරය දී ඇත.