පෙට්‍රල් 33 කින් ඩීසල් සහ භූමිතෙල් 16 කින් බසී
(Video) ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුවක් අනුව ඉන්ධන මිල අද (21දා) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට රජය තීන්දු කර තිබේ. ඒ අනුවල පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රු.117රැ ක් දක්වා අඩුකර ඇති අතර, රු. 150 ක්ව පැවති 92 ඔක්ටේන් ලීටරයකින් ජනතාවට හිමිවන වාසිය රු.33 කි.
පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක මිල රු.128ක් දක්වා අඩුකර ඇති අතර, රු.158 ක්ව පැවති 95 ඔක්ටේන් ලීටරයකින් ජනතාවට හිමිවන වාසිය රු.30 කි.
එමෙන්ම, ඩීසල් ලීටරයක මිල රු. 95 ක් දක්වා අඩුකර ඇති අතර, රු.111 ක්ව පැවති ඩීසල් ලීටරයකින් ජනතාවට හිමිවන වාසිය රු.16කි. සුපරි ඩීසල් ලීටරයක මිල රු.110 දක්වා අඩුකර ඇති අතරල රු.133 ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයකින් ජනතාවට හිමිවන වාසිය රු. 23 කි.
මීට අමතරවල භූමිතෙල් ලීටරයක මිල රු. 65 දක්වා අඩුකර ඇති අතර, රු. 81 ක්ව පැවති භූමිතෙල් ලීටරයකින් මේ සමග ජනතාවට හිමිවන වාසිය රු.16 කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

