මහරගම පිළිකා රෝහලට PET ස්කෑනරයක් මිලදී ගැනීමට කඩීජා පදනමේ මූලිකත්වයෙන් රැස් කරන අරමුදල ඊයේ දිනය වනවිට කෝටි 16 කට ආසන්න වී තිබිණි. මෙම ස්කෑනරය මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 20 ක මුදලක් රැස් කර ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.
මෙම ව්‍යාපෘතියේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කෝටි 20 ඉල්කකය අතපොවන මානයට පැමිණීමට අරමුදලට හැකියාව ලැබී තිබේ.
ශ්‍රී ලාංකික ජනතාවගේ රන් හදවත් පිළිබඳ ඉඟියක් ලබා දෙන මෙම සද්කාර්යයට තමන්ගේ හැකියාව මත උපරිම දායකත්වය ලබා දීමට ජනතාව එක් සිටිති.
ඇතැමුන් තමන්ට හැකි උපරිම මුදල ලෙස රු.50 ක් හෝ තැම්පත් කරමින් පිළිකා රෝගයෙන් පීඩා විඳින්නන් වෙනුවෙන් තමන්ගේ කැප කිරීම පෙන්වමින් සිටිති. මෙම ව්‍යාපෘතිය හුදෙක් අද දිනය වෙනුවෙන් නොව වර්තමානය උදසා කෙරෙන අපූර්ව ව්‍යාපෘතියකි. කෝටි 20 ක මුදලක් යනු ඇතැමෙකුට ඉතා සුළු මුදලක් වුවද රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් මේ මුදල එකතු කර ගැනීමට සියලු දෙනාම එක්ව සිටීම කැපී පෙනෙයි.
ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉතිරි කෝටි 4 ක මුදලකි. මෙය ශ්‍රී ලංකාවේ ප්රමුඛ ධනවතෙකුට වුවද සම්පූර්ණ කළ හැකි අංකයක් බවට පත්ව තිබේ. එක් රැස් වූ කෝටි 16 හි වැඩි වශයෙන් ඇත්තේ දුප්පතුන්ගේ දහඩියයි. දැන් ඇස් වසා සිටි සියලු දෙනා ඇස් හැරිය යුතු අවස්ථාවයි. එළැඹෙන සතියට පෙර කෝටි 20 ක් සම්පූර්ණ කිරීමට දායක වෙමු.