බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති දිවයින පුරා විහිදුණු පූජා භූමි ස්ථාන 79 ක් මැනුම් කටයුතු කර, සිතියම් ගතකිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එම මැනුම් කටයුතු ඉකුත් වර්ෂයේ ආරම්භ කර ඇති අතර, පෙබරවාරි මස අවසානයට පෙර නිමාවීමට නියමිතය.
2013 වසරේදී පූජා භූමි සංවර්ධනය හා සංරක්ෂණය සඳහා රුපියල් මිලියන 135ක් වැය කර ඇති අතර, 2014 වර්ෂයේදී ඒ සඳහා රුපියල් මිලියන 138 ක් වෙන් කර ඇත.
අලුතින් පූජා භූමි ලෙස හඳුනාගෙන මූලික කටයුතු නිමා කළ ස්ථාන 18ක් මෙම වසරේදී පූජා භූමි ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර, අලුතින්ම පූජා භූමි ලෙස නම් කිරීමට හඳුනාගෙන ඇති ස්ථාන 8ක පරීක්ෂණ කටයුතු මේ වසරේ මුල් කාර්තුවේදී නිමාකිරීමට අපේක්ෂිතය.