දිවයිනේ තෝරාගත් පූජනීය ස්ථාන ඉලක්ක කරගනිමින් කිලෝවොට් 2 ක් වූ සූර්යබල කට්ටල නොමිළයේ ලබාදීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සැළසුම් කර තිබේ.
මේ එක් සූර්යබල කට්ටලයක් වෙනුවෙන් සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් රු ලක්ෂ 6 ක මූල්‍ය පිරිවැයක් දරනු ලැබන අතර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කර තිබේ.
මේපිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
තවමත් 50%ක් අපේ රටේ විදුලිය නිෂ්පාදනය කරන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන්. ඒ පිළිබඳ අපි සතුටු වියයුතුයි. මේ අතරේ පොසිල ඉන්ධන භාවිතා කිරීමටත් සිදුවෙනවා. එම පොසිල ඉන්ධන දහනයෙන් පරිසරයට අහිතකර වායුන් පරිසරයට එකතු වෙනවා. ඒ වගේම විදේශ විනිමය වැය වෙනවා. ඒ අනුව විදේශ විනිමය ඉතිරිකර ගැනීමටත්, පරිසරය ආරක්ෂා කරගැනීමටත් වැඩිවශයෙන් පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්ටම යොමුවීමට අපි සැලසුම් සකස්කරලා තිබෙන්නේ. අපි සමකය ආසන්න රටක් හැටියට අවුරුද්දේ වැඩිම කාලයක් හිරු එළිය ලැබෙන නිසා, හිරු එළියෙන් විදුලිය නිපදවන්නට සැලසුම් කරනවා. අද මේ ආරම්භ වූ රිවි අරුණ ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පූජනීය ස්ථාන වෙත සුර්යබල විදුලි උත්පාදන කට්ටල නොමිළයේ ලබාදි එම ස්ථානයන්ගේ විදුලිබිල අවම කිරීමට පියවර ගන්නවා" යැයි විදුලිබල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.