පුරා විද්‍යා විටිනාකමකින් යුත් පෞරාණික කඩුවක් සහ ඊට සමිබන්ධිත කඩු කොපුවක් රුපියල් 3,100,000/- විකිණිමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු හැටන් පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් කණ්ඩායමක් උපායදූතයන් ලෙස වෙස්වලාගෙන මෙම මෙහෙයුම දියත් කර තිබේ. මෙම කඩුව මකර මුහුණු හයක් සහිත කැටයම් ඔබ්බවා ඇති ඇති බවත් එය රිදි, සුදු, යකඩ හා පිත්තල ලෝහ වලින් සාදා ඇති බවත් කඩු කොපුවද රිදී, පිත්තල හා තඹ ලෝහ වලින් ආවරණය කර කැටයම්ද කපා තිබෙන බව පොලීසිය කියයි.
ඊයේ (07දා) සවස මෙම මෙහෙයුම සිදුකර තිබේ.