පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පුරා වස්තු විකිණීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (02දා) ඇඹිලිපිටිය ප්‍රදේශයේ චන්ද්‍රිකා වැව අසලදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
තුංකම ප්‍රදේශයේ පදිංචි 27 හා 26 හැවිරිදි දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
සැකකරුවන් විසින් විකිණීම සඳහා සූදානම් කර තිබූ ගලින් නෙළන ලද අඟල් 14ක් උස මැණික් ගල් 04ක් ඔබ්බවා ඇති චෛත්‍යයක්, රත්තරන් පැහැති බුදු පිළිමයක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් ගෙන ඇඹිලිපිටිය පොලීසියට භාරදීමෙන් අනතුරුව ඔවුන් අද (03දා) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇඹිලිපිටිය පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.