UPDATE (3.50 PM) මරදාන පොලීසිය විසින් අත්අඩංගුවට පත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ හා එම පක්ෂයේ සාමාජික සුජිත් කුරුවිට යන මහත්වරුන් මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ දෙකේ ශරීර ඇප 4 ක් මත මුදාහැර තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඉදිරිපස වීදුරුවක් බිඳ තිබීම පිළිබඳව ප්රකාශයක් ලබාදීම සඳහා අද (24දා) පෙරවරුවේ මරදාන පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී පුබුදු හා සුජිත් යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීමට මරදාන පොලීසිය කටයුතු කළේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහ එම පක්ෂයේ සාමාජික සුජිත් කුරුවිට යන මහත්වරුන් මරදාන පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට පත්ව තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඉදිරිපස වීදුරුවක් බිඳ තිබීම පිළිබඳව ප්රකාශයක් ලබාදීම සඳහා අද (24දා) පෙරවරුවේ මරදාන පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රකාශකයෙක් කියා සිටියේය.
ඔවුන් දෙදෙනා මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කුමාර් ගුණරත්නම් මහතා සිරගත කළ අවස්ථාවේ එයට විරෝධය පළකරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී එහි ඉදිරිපස වීදුරුව බිඳ තිබිණි.