පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ඇතුළු එම පක්ෂයේ පිරිසක් අත්අඩංගුවට ගැනීමට අද (23දා) සවස ගිය මරදාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ප්‍රකාශයක් පමණක් ලබාදෙන්නැයි ඉල්ලා ආපසු පැමිණ තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික සුජිත් කුරුවිට මහතාගේ රාජගිරිය, කලපලුවාව ප්‍ර‘දේශයේ පිහිටි නිවසට පැමිණ ඇති පොලිස් නිලධාරීන් පිරිස නාමලේඛනයක් පෙන්වා පුබුදු ජයගොඩ මහතා සහ සුජිත් කුරුවිට මහතා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව පවසා තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීදුරුවක් බිඳඇතැයි චෝදනාව ලෙස දැක්වෙන බව පොලීසිය සඳහන් කර තිබේ.
මේ අවස්ථාවේදී පුබුදු ජයගොඩ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් හෝ පොලීසියේ පැමිණිල්ලක් තිබේද යනුවෙන් විමසා තිබේ.
නමුත් එවැන්නක් නැති බව පවසා ඇතිපොලිස් නිලධාරීන් හෙට දිනයේදී මරදාන පොලිස් ස්ථානයට නීතිඥයෙකු සමග පැමිණෙන්නැයි සඳහන් කර යළි ගොස් තිබේ.
පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ පොලිස් නිලධාරීන් 08 දෙනාට අමතරව බීමත්ව සිටි සිවිල් පුද්ගලයන් 05 දෙනෙකු ඔවුන් සමග පැමිණ සිටි බවයි.