අවිස්සාවේල්ල කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ පතුරම් ගබඩාව පුපුරා යෑමෙන් කඳවුර ආසන්නයේ පිහිටි බොහෝ නිවාස සහ ගොඩනැගිලි අලාභහානියට පත්වූ අතර පිපිරීමෙන් විශාල ප්‍රදේශයක් පුරා විවිධ උණ්ඩ කොටස් සහ පුපුරා නොගිය උණ්ඩ කොටස් විසිරිමට ලක්වු බැවින් ඒ පිළිබඳව පාසැල් සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලසේනාව මගින් කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විදුහලේදී පැවැත්වීය.
පුපුරාගිය සහ පුපුරානොගිය පතරොම් සුන්බුන් පිළිබඳ අවබෝධය ලබාදෙමින් දිර්ඝ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර එවැනි දේ දුටුවහොත් වහාම ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන ලෙසටද ඉල්ලීමක් කළේය.
ඇතැම් පිරිස් පිපිරීමෙන් විසිර ගිය ඇතැම් කොටස් නිවාස අලංකරණයට සහ සිහිවටන වශයෙන් රැගෙන යන බවත් එය කිසිසේත් නොකරන ලෙස එමෙන්ම එවැනි ද්‍රව්‍ය ලඟ තබාගැනීම නීතිය ඉදිරියේ වැරදිකරුවන් බවට පත්වන වරදක් බවත් එවන් පුපුරානොගිය හෝ පුපුරාගිය උණ්ඩ කොටස් හෝ එවැනි ද්‍රව්‍ය ඇත්නම් හැකි ඉක්මනින් යුධ හමුදාව අමතන ලෙසද හමුදාව දැනුම්දුන්නේය.